Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #150 Translated in Sinhalese

وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ ۖ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ۚ ذَٰلِكَ جَزَيْنَاهُمْ بِبَغْيِهِمْ ۖ وَإِنَّا لَصَادِقُونَ
නියපොතු ඇති (සතුන්) සියල්ලම අපි යුදෙව්වන්ට තහනම් කළෙමු. තවද ගවයින් හා එළුවන්ගෙන් උන්ගේ පිටවල් හා බොකු හා කටු සමඟ මුසු වූ දෑ හැර (අනෙකුත්) මේද ඔවුන් වෙත තහනම් කළෙමු. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් මෙලෙස අපි ඔවුනට ප්‍රතිවිපාක දුනිමු. තවද සැබැවින්ම අපි සත්‍යවාදීහු වන්නෙමු.
فَإِنْ كَذَّبُوكَ فَقُلْ رَبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلَا يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ
නමුත් ඔවුහු නුඹව බොරු කළේ නම් එවිට නුඹලාගේ පරමාධිපති කරුණාවෙන් හා විශාලත්වයෙන් යුක්තය. වැරදිකාර පිරිසගෙන් ඔහුගේ දඬුවම ප්‍රතික්ෂේප කරනු නොලැබේ යැයි නුඹ පවසනු.
سَيَقُولُ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكْنَا وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ شَيْءٍ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا بَأْسَنَا ۗ قُلْ هَلْ عِنْدَكُمْ مِنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا ۖ إِنْ تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنْتُمْ إِلَّا تَخْرُصُونَ
"අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ද අපගේ මුතුන්මිත්තන් ද ආදේශ නොකරන්නට තිබුණි. තවද කිසිවක් අප තහනම් නොකරන්නට තිබුණි" යැයි ආදේශ කළවුන් මතු පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ. එය අපහට දන්වා සිටින ආකාරයෙන් නුඹලා වෙත යම් දැනුමක් තිබේදැයි නුඹ විමසනු. නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස වෙනකක් නොවේ. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නොවෙති.
قُلْ فَلِلَّهِ الْحُجَّةُ الْبَالِغَةُ ۖ فَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ
පිරිපුන් සාධකය අල්ලාහ් සතුය එබැවින් ඔහු අභිමත කළේ නම් නුඹලා සියල්ලන්ට යහ මඟ පෙන්වන්නට තිබුණි යැයි (නබිවරය) නුඹ පවසනු.
قُلْ هَلُمَّ شُهَدَاءَكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللَّهَ حَرَّمَ هَٰذَا ۖ فَإِنْ شَهِدُوا فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَهُمْ بِرَبِّهِمْ يَعْدِلُونَ
මෙය තහනම් කළේ සැබැවින්ම අල්ලාහ් යැයි සාක්ෂි දරන නුඹලාගේ සාක්ෂිකරුවන් ගෙන එනු යැයි (නබිවරය) නුඹ පවසනු. එවිට ඔවුහු (බොරු) සාක්ෂි දැරුවේ නම් එවිට නුඹ ඔවුන් සමඟ වී සාක්ෂි නොදරනු. අපගේ වදන් බොරු කළවුන්ගේ හා මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන්නන්ගේ ආශාවන් අනුගමනය නොකරනු. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට සමානකම් ඇති කරති.

Choose other languages: