Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #152 Translated in Sinhalese

سَيَقُولُ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكْنَا وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ شَيْءٍ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا بَأْسَنَا ۗ قُلْ هَلْ عِنْدَكُمْ مِنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا ۖ إِنْ تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنْتُمْ إِلَّا تَخْرُصُونَ
"අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ද අපගේ මුතුන්මිත්තන් ද ආදේශ නොකරන්නට තිබුණි. තවද කිසිවක් අප තහනම් නොකරන්නට තිබුණි" යැයි ආදේශ කළවුන් මතු පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ. එය අපහට දන්වා සිටින ආකාරයෙන් නුඹලා වෙත යම් දැනුමක් තිබේදැයි නුඹ විමසනු. නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස වෙනකක් නොවේ. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නොවෙති.
قُلْ فَلِلَّهِ الْحُجَّةُ الْبَالِغَةُ ۖ فَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ
පිරිපුන් සාධකය අල්ලාහ් සතුය එබැවින් ඔහු අභිමත කළේ නම් නුඹලා සියල්ලන්ට යහ මඟ පෙන්වන්නට තිබුණි යැයි (නබිවරය) නුඹ පවසනු.
قُلْ هَلُمَّ شُهَدَاءَكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللَّهَ حَرَّمَ هَٰذَا ۖ فَإِنْ شَهِدُوا فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَهُمْ بِرَبِّهِمْ يَعْدِلُونَ
මෙය තහනම් කළේ සැබැවින්ම අල්ලාහ් යැයි සාක්ෂි දරන නුඹලාගේ සාක්ෂිකරුවන් ගෙන එනු යැයි (නබිවරය) නුඹ පවසනු. එවිට ඔවුහු (බොරු) සාක්ෂි දැරුවේ නම් එවිට නුඹ ඔවුන් සමඟ වී සාක්ෂි නොදරනු. අපගේ වදන් බොරු කළවුන්ගේ හා මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන්නන්ගේ ආශාවන් අනුගමනය නොකරනු. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට සමානකම් ඇති කරති.
قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۖ وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
"එනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට තහනම් කළ දෑ මම නුඹලා වෙත කියවා පෙන්වමි" යැයි (නබිවරය) නුඹ පවසනු. (ඒවා නම්) නුඹලා ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙසත් දෙමාපියන්ට උපකාරශීලී ව කටයුතු කරන ලෙසත් දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නොකරන ලෙසත් -නුඹලාට හා ඔවුනට පෝෂණය දෙනුයේ අපමය.- එමෙන්ම නුඹලා අශික්ෂිත දැයින් මතුපිටින් පෙනෙන දෑ හා රහසිගත දෑට සමීප නොවන ලෙසත්ය. අල්ලාහ් නුඹලාට තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් තොර ව මිස ඝාතනය නොකරනු. මෙසේ එය නුඹලාට ඔහු උප‍දෙස් දෙනුයේ නුඹලා වටහා ගත හැකි වනු පිණිසය.
وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۖ وَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَاعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ اللَّهِ أَوْفُوا ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ
අනාථයාගේ ධන සම්පත් වෙත, ඔහු වැඩි වියට පත් වන තුරු යුක්ති සහගත අයුරින් මිස සමීප නොවනු. තවද කිරුම් මිණුම් යුක්ති සහගත ලෙසින් පූර්ණ ව ඉටු කරනු. කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස අපි බර නොපටවන්නෙමු. සමීප ඥාතියකු වුව ද නුඹලා පවසන විට යුක්තිගරුක ව පවසනු. තවද අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. මෙමගින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා මෙනෙහි කිරීමට හැකි වනු පිණිසය.

Choose other languages: