Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #145 Translated in Sinhalese

الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِنْ كَانَ لَكُمْ فَتْحٌ مِنَ اللَّهِ قَالُوا أَلَمْ نَكُنْ مَعَكُمْ وَإِنْ كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُوا أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُمْ مِنَ الْمُؤْمِنِينَ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ ۗ وَلَنْ يَجْعَلَ اللَّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا
ඔවුහු වනාහි නුඹලාට සිදුවීමට යන දේ ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ සිටියා නොවේදැ’ යි පවසති. නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට (ජයග්‍රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලා ව අබිබවා යන්නට තිබුණද දේවත්වය විශ්වාස කළවුන්ගෙන් අපි නුඹලා ව වැළැක්වූයේ නැති දැ’ යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේවත්වය විශ්වාස කළවුන්ට එරෙහි ව (ක්‍රියා) මාර්ගයක් ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට අල්ලාහ් (ඉඩ) නොතැබුවේමය.
إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَىٰ يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا
නියත වශයෙන්ම කුහකයින් අල්ලාහ් ව මුළා කරන්නට බලති. එහෙත් ඔහු ඔවුන් මුළාවෙහි හැර දමා ඇත. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට ජනයාට පෙන්වමින් අලසකමින් සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව සුඵ වශයෙන් මිස මෙනෙහි නොකරති.
مُذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَا إِلَىٰ هَٰؤُلَاءِ وَلَا إِلَىٰ هَٰؤُلَاءِ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ سَبِيلًا
ඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නොවෙති. තවද ඔවුන් වෙත ද නොවෙති. තවද අල්ලාහ් කවරෙකු ව නොමඟ යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නොදකින්නෙහිමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَنْ تَجْعَلُوا لِلَّهِ عَلَيْكُمْ سُلْطَانًا مُبِينًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ව සමීප මිතුරන් ලෙස නොගනු. (මෙමගින්) නුඹලාට එරෙහි ව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?
إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الْأَسْفَلِ مِنَ النَّارِ وَلَنْ تَجِدَ لَهُمْ نَصِيرًا
සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොලබන්නේහිමය.

Choose other languages: