Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #146 Translated in Sinhalese

إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَىٰ يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا
නියත වශයෙන්ම කුහකයින් අල්ලාහ් ව මුළා කරන්නට බලති. එහෙත් ඔහු ඔවුන් මුළාවෙහි හැර දමා ඇත. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට ජනයාට පෙන්වමින් අලසකමින් සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව සුඵ වශයෙන් මිස මෙනෙහි නොකරති.
مُذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَا إِلَىٰ هَٰؤُلَاءِ وَلَا إِلَىٰ هَٰؤُلَاءِ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ سَبِيلًا
ඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නොවෙති. තවද ඔවුන් වෙත ද නොවෙති. තවද අල්ලාහ් කවරෙකු ව නොමඟ යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නොදකින්නෙහිමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَنْ تَجْعَلُوا لِلَّهِ عَلَيْكُمْ سُلْطَانًا مُبِينًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ව සමීප මිතුරන් ලෙස නොගනු. (මෙමගින්) නුඹලාට එරෙහි ව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?
إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الْأَسْفَلِ مِنَ النَّارِ وَلَنْ تَجِدَ لَهُمْ نَصِيرًا
සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොලබන්නේහිමය.
إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَاعْتَصَمُوا بِاللَّهِ وَأَخْلَصُوا دِينَهُمْ لِلَّهِ فَأُولَٰئِكَ مَعَ الْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ اللَّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا
නමුත් පාප සමාව අයැද තමන් ව හැඩගස්වා අල්ලාහ් ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංක ව පිළිපඳින්නන් හැර. ඔවුහු දේවත්වය විශ්වාස කළවුන් සමඟය. දේවත්වය විශ්වාස කළවුන්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත.

Choose other languages: