Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #148 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَنْ تَجْعَلُوا لِلَّهِ عَلَيْكُمْ سُلْطَانًا مُبِينًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ව සමීප මිතුරන් ලෙස නොගනු. (මෙමගින්) නුඹලාට එරෙහි ව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?
إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الْأَسْفَلِ مِنَ النَّارِ وَلَنْ تَجِدَ لَهُمْ نَصِيرًا
සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොලබන්නේහිමය.
إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَاعْتَصَمُوا بِاللَّهِ وَأَخْلَصُوا دِينَهُمْ لِلَّهِ فَأُولَٰئِكَ مَعَ الْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ اللَّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا
නමුත් පාප සමාව අයැද තමන් ව හැඩගස්වා අල්ලාහ් ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංක ව පිළිපඳින්නන් හැර. ඔවුහු දේවත්වය විශ්වාස කළවුන් සමඟය. දේවත්වය විශ්වාස කළවුන්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත.
مَا يَفْعَلُ اللَّهُ بِعَذَابِكُمْ إِنْ شَكَرْتُمْ وَآمَنْتُمْ ۚ وَكَانَ اللَّهُ شَاكِرًا عَلِيمًا
නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය; සර්වඥානීය.
لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا عَلِيمًا
අපරාධයට ලක්වූවන් හැර වෙනත් කිසිවෙකු පරුෂ වදන් ප්‍රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්‍රිය නොකරයි. තවද අල්ලාහ් සර්වශ්‍රාවක; සර්වඥානී ය.

Choose other languages: