Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #147 Translated in Sinhalese

مُذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَا إِلَىٰ هَٰؤُلَاءِ وَلَا إِلَىٰ هَٰؤُلَاءِ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ سَبِيلًا
ඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නොවෙති. තවද ඔවුන් වෙත ද නොවෙති. තවද අල්ලාහ් කවරෙකු ව නොමඟ යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නොදකින්නෙහිමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَنْ تَجْعَلُوا لِلَّهِ عَلَيْكُمْ سُلْطَانًا مُبِينًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ව සමීප මිතුරන් ලෙස නොගනු. (මෙමගින්) නුඹලාට එරෙහි ව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?
إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الْأَسْفَلِ مِنَ النَّارِ وَلَنْ تَجِدَ لَهُمْ نَصِيرًا
සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොලබන්නේහිමය.
إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَاعْتَصَمُوا بِاللَّهِ وَأَخْلَصُوا دِينَهُمْ لِلَّهِ فَأُولَٰئِكَ مَعَ الْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ اللَّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا
නමුත් පාප සමාව අයැද තමන් ව හැඩගස්වා අල්ලාහ් ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංක ව පිළිපඳින්නන් හැර. ඔවුහු දේවත්වය විශ්වාස කළවුන් සමඟය. දේවත්වය විශ්වාස කළවුන්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත.
مَا يَفْعَلُ اللَّهُ بِعَذَابِكُمْ إِنْ شَكَرْتُمْ وَآمَنْتُمْ ۚ وَكَانَ اللَّهُ شَاكِرًا عَلِيمًا
නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය; සර්වඥානීය.

Choose other languages: