Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #94 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව අවහිර කිරීමටය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේසමෙන් කටයුතු කරනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු.
لَيْسَ عَلَى الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُوا إِذَا مَا اتَّقَوْا وَآمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ثُمَّ اتَّقَوْا وَآمَنُوا ثُمَّ اتَّقَوْا وَأَحْسَنُوا ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
විශ්වාස කොට යහකම් කළවුන් කෙරෙහි ඔවුන් තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට යහකම් කර පසුව ද තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට ඉන් පසුව ද තමන් ආරක්ෂා කොට දැහැමි කටයුතු කළ විට (අතීතයේ) ඔවුන් භුක්ති විඳී දෑ සම්බන්ධයෙන් ඔවුනට වරදක් නැත. තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන් ව ප්‍රිය කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَيَبْلُوَنَّكُمُ اللَّهُ بِشَيْءٍ مِنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللَّهُ مَنْ يَخَافُهُ بِالْغَيْبِ ۚ فَمَنِ اعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ අත්වලට හා නුඹලාගේ හී වලට පහසුවෙන් හසුවන දඬයම් සතෙකුගෙන් අල්ලාහ් නුඹලා ව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නොසිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ? යි අල්ලාහ් හඳුන්වා දෙනු පිණිසය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත.

Choose other languages: