Surah Al-Maeda Ayahs #95 Translated in Sinhalese
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව අවහිර කිරීමටය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේසමෙන් කටයුතු කරනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු.
لَيْسَ عَلَى الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُوا إِذَا مَا اتَّقَوْا وَآمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ثُمَّ اتَّقَوْا وَآمَنُوا ثُمَّ اتَّقَوْا وَأَحْسَنُوا ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
විශ්වාස කොට යහකම් කළවුන් කෙරෙහි ඔවුන් තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට යහකම් කර පසුව ද තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට ඉන් පසුව ද තමන් ආරක්ෂා කොට දැහැමි කටයුතු කළ විට (අතීතයේ) ඔවුන් භුක්ති විඳී දෑ සම්බන්ධයෙන් ඔවුනට වරදක් නැත. තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන් ව ප්‍රිය කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَيَبْلُوَنَّكُمُ اللَّهُ بِشَيْءٍ مِنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللَّهُ مَنْ يَخَافُهُ بِالْغَيْبِ ۚ فَمَنِ اعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ අත්වලට හා නුඹලාගේ හී වලට පහසුවෙන් හසුවන දඬයම් සතෙකුගෙන් අල්ලාහ් නුඹලා ව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නොසිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ? යි අල්ලාහ් හඳුන්වා දෙනු පිණිසය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْتُلُوا الصَّيْدَ وَأَنْتُمْ حُرُمٌ ۚ وَمَنْ قَتَلَهُ مِنْكُمْ مُتَعَمِّدًا فَجَزَاءٌ مِثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِنْكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَوْ عَدْلُ ذَٰلِكَ صِيَامًا لِيَذُوقَ وَبَالَ أَمْرِهِ ۗ عَفَا اللَّهُ عَمَّا سَلَفَ ۚ وَمَنْ عَادَ فَيَنْتَقِمُ اللَّهُ مِنْهُ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ අත්වලට හා නුඹලාගේ හී වලට පහසුවෙන් හසුවන දඬයම් සතෙකුගෙන් අල්ලාහ් නුඹලා ව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නොසිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ? යි අල්ලාහ් හඳුන්වා දෙනු පිණිසය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
