Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #40 Translated in Sinhalese

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ فَمِنْهُمْ مَنْ هَدَى اللَّهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ ۚ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේග වලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින්ම අපි සෑම සමූහයකටම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන්ම ඔවුන් අතරින් තමන් වෙත නොමග නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.
إِنْ تَحْرِصْ عَلَىٰ هُدَاهُمْ فَإِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ يُضِلُّ ۖ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
ඔවුන්ගේ යහ මග පිළිබඳ නුඹ ආශා කළ ද නියත වශයෙන්ම අල්ලාහ් නොමග හැරියවුනට මග නොපෙන්වනු ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු ද නොමැත.
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ لَا يَبْعَثُ اللَّهُ مَنْ يَمُوتُ ۚ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
තවද මියැදෙන්නන් අල්ලාහ් අවදි නොකරනු ඇතැයි ඔවුන් ස්ථීර විශ්වාසයෙන් යුතු ව අල්ලාහ් මත දිවුරා පවසති. එසේ නොව එය ඔහු වෙත වූ සැබෑ ප්‍රතිඥාවකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُوا أَنَّهُمْ كَانُوا كَاذِبِينَ
ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන්ම තමන් මුසාවාදීහු වූවෙහි යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)
إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَنْ نَقُولَ لَهُ كُنْ فَيَكُونُ
යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීමය. එවිට එය සිදු වනු ඇත.

Choose other languages: