Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #43 Translated in Sinhalese

لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُوا أَنَّهُمْ كَانُوا كَاذِبِينَ
ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන්ම තමන් මුසාවාදීහු වූවෙහි යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)
إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَنْ نَقُولَ لَهُ كُنْ فَيَكُونُ
යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීමය. එවිට එය සිදු වනු ඇත.
وَالَّذِينَ هَاجَرُوا فِي اللَّهِ مِنْ بَعْدِ مَا ظُلِمُوا لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً ۖ وَلَأَجْرُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
තවද අපරාධ කරනු ලැබූවායින් පසු ව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොවෙහි යහපත් ලෙස ඉඩ සලසා දෙන්නෙමු. තවද මතුලොව ප්‍රතිඵල අතිමහත්ය. ඔවුහු එය දැන සිටියාහු නම්.
الَّذِينَ صَبَرُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
ඔවුන් වනාහි ඉවසා දර ගත් අය වෙති. එමෙන්ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති.
وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۚ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ
තවද නුඹට පෙර සිටම, අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් එවන ලද්දේ පිරිමීන් මිස වෙනත් කිසිවකු නොවේ. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු.

Choose other languages: