Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #42 Translated in Sinhalese

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ لَا يَبْعَثُ اللَّهُ مَنْ يَمُوتُ ۚ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
තවද මියැදෙන්නන් අල්ලාහ් අවදි නොකරනු ඇතැයි ඔවුන් ස්ථීර විශ්වාසයෙන් යුතු ව අල්ලාහ් මත දිවුරා පවසති. එසේ නොව එය ඔහු වෙත වූ සැබෑ ප්‍රතිඥාවකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُوا أَنَّهُمْ كَانُوا كَاذِبِينَ
ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන්ම තමන් මුසාවාදීහු වූවෙහි යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)
إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَنْ نَقُولَ لَهُ كُنْ فَيَكُونُ
යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීමය. එවිට එය සිදු වනු ඇත.
وَالَّذِينَ هَاجَرُوا فِي اللَّهِ مِنْ بَعْدِ مَا ظُلِمُوا لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً ۖ وَلَأَجْرُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
තවද අපරාධ කරනු ලැබූවායින් පසු ව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොවෙහි යහපත් ලෙස ඉඩ සලසා දෙන්නෙමු. තවද මතුලොව ප්‍රතිඵල අතිමහත්ය. ඔවුහු එය දැන සිටියාහු නම්.
الَّذِينَ صَبَرُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
ඔවුන් වනාහි ඉවසා දර ගත් අය වෙති. එමෙන්ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති.

Choose other languages: