Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #46 Translated in Sinhalese

الَّذِينَ صَبَرُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
ඔවුන් වනාහි ඉවසා දර ගත් අය වෙති. එමෙන්ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති.
وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۚ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ
තවද නුඹට පෙර සිටම, අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් එවන ලද්දේ පිරිමීන් මිස වෙනත් කිසිවකු නොවේ. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු.
بِالْبَيِّنَاتِ وَالزُّبُرِ ۗ وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
පැහැදිලි සාධක හා ධර්ම ග්‍රන්ථ සමඟ (ඔවුහු පැමිණියහ.) තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය නොහොත්) මෙම මෙනෙහි කිරීම අපි පහළ කළෙමු. තවද එය ඔවුන් සිතා බලනු පිණිසය.
أَفَأَمِنَ الَّذِينَ مَكَرُوا السَّيِّئَاتِ أَنْ يَخْسِفَ اللَّهُ بِهِمُ الْأَرْضَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
නපුරුකම් කුමන්ත්‍රණය කළවුන් අල්ලාහ් ඔවුන් ව මහපොළොවෙහි ගිලා බැස්සවීම පිළිබඳ ව හෝ ඔවුන් නොසිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුන් නිර්භිය ව සිටිත් ද?
أَوْ يَأْخُذَهُمْ فِي تَقَلُّبِهِمْ فَمَا هُمْ بِمُعْجِزِينَ
එසේ නොමැති නම් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන් ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) තවද ඔවුන් (අල්ලාහ් ව) නොහැකියාවට පත් කරන්නන් නොවෙති.

Choose other languages: