Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #18 Translated in Sinhalese

وَمِنَ الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُوا حَظًّا مِمَّا ذُكِّرُوا بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ اللَّهُ بِمَا كَانُوا يَصْنَعُونَ
තවද “සැබැවින්ම අපි කිතුනුවන් වෙමු” යැයි පැවසූ අය අතුරින් ද අපි ඔවුන්ගේ ප්‍රතිඥාව ගතිමු. නමුත් ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු ද අමතක කළෝය. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් ඔවුනට මතු දන්වනු ඇත.
يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِمَّا كُنْتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَنْ كَثِيرٍ ۚ قَدْ جَاءَكُمْ مِنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُبِينٌ
අහෝ ධර්ම ග්‍රන්ථ හිමියනි! ධර්ම ග්‍රන්ථයෙන් නුඹලා සඟවමින් සිටි දැයින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරන තවද බොහෝ දේවල් නොසලකා හරින අපගේ රසූල්වරයා සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි ධර්ම ග්‍රන්ථයක් ද නුඹලා වෙත පැමිණ ඇත.
يَهْدِي بِهِ اللَّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلَامِ وَيُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට, එමගින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන් ව ඔහු බැහැර කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත.
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۚ قُلْ فَمَنْ يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَنْ يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අල්ලාහ් වන ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (ආරක්ෂා කිරීමට) කිසියම් හෝ ආධිපත්‍යයක් දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කළ දෑ මවන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَىٰ نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُمْ بِذُنُوبِكُمْ ۖ بَلْ أَنْتُمْ بَشَرٌ مِمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ ۚ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ
යුදෙව්වෝ හා කිතුනුවෝ තමන් අල්ලාහ්ගේ දරුවන් බවත් ඔහුගේ සෙනෙහෙවන්තයින් බවත් පවසති. එසේ නම් නුඹලාගේ පාපයන්ට නුඹලාට ඔහු දඬුවම් කරනුයේ ඇයිදැ?යි විමසනු. එසේ නොව, නුඹලා ද ඔහු මැවූ අය අතරින් වූ මිනිසුන්ය. ඔහු අභිමත අයට සමාව දෙයි. එමෙන්ම ඔහු අභිමත අයට දඬුවම් කරයි. තවද අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද නැවත යොමු වීම ඔහු වෙතමය.

Choose other languages: