Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #21 Translated in Sinhalese

لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۚ قُلْ فَمَنْ يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَنْ يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අල්ලාහ් වන ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (ආරක්ෂා කිරීමට) කිසියම් හෝ ආධිපත්‍යයක් දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කළ දෑ මවන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَىٰ نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُمْ بِذُنُوبِكُمْ ۖ بَلْ أَنْتُمْ بَشَرٌ مِمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ ۚ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ
යුදෙව්වෝ හා කිතුනුවෝ තමන් අල්ලාහ්ගේ දරුවන් බවත් ඔහුගේ සෙනෙහෙවන්තයින් බවත් පවසති. එසේ නම් නුඹලාගේ පාපයන්ට නුඹලාට ඔහු දඬුවම් කරනුයේ ඇයිදැ?යි විමසනු. එසේ නොව, නුඹලා ද ඔහු මැවූ අය අතරින් වූ මිනිසුන්ය. ඔහු අභිමත අයට සමාව දෙයි. එමෙන්ම ඔහු අභිමත අයට දඬුවම් කරයි. තවද අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද නැවත යොමු වීම ඔහු වෙතමය.
يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِنَ الرُّسُلِ أَنْ تَقُولُوا مَا جَاءَنَا مِنْ بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَاءَكُمْ بَشِيرٌ وَنَذِيرٌ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහෝ ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! (ඊසාට පසු) ධර්ම දූතයින් නොපැමිණි කාලයේ අප වෙත ශුභාරංචි පවසන්නෙකු හෝ අවවාද කරන්නෙකු හෝ නොපැමිණියේ යැයි නුඹලා නොපවසනු වස් (දැන්) නුඹලාට පැහැදිලි කර දෙන අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. දැන් ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු නුඹලා වෙත පැමිණ ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنْبِيَاءَ وَجَعَلَكُمْ مُلُوكًا وَآتَاكُمْ مَا لَمْ يُؤْتِ أَحَدًا مِنَ الْعَالَمِينَ
අහෝ මාගේ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. මන්ද ඔහු නුඹලා අතර නබිවරුන් පත් කළේය. තවද නුඹලා ව රජවරුන් බවට පත් කළේය. ලෝවැසියන් අතරින් කිසිවකුට නොදුන් දෑ නුඹලාට ඔහු පිරිනැමුවේය යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
يَا قَوْمِ ادْخُلُوا الْأَرْضَ الْمُقَدَّسَةَ الَّتِي كَتَبَ اللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا عَلَىٰ أَدْبَارِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ
අහෝ මාගේ ජනයිනි! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු. නුඹලා පිටුපසට හැරී පෙරළා නොයනු. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස හැරී යනු ඇත.

Choose other languages: