Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #67 Translated in Sinhalese

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
"නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස, අපි නුඹලා ට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු" යනුවෙන් අපි නුඹලා ට ඉහළින් තූර් කන්ද ඔසවා තබා, අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු.
ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ
අනතුරුව, ඉන් පසුවද නුඹලා (ප්‍රතිඥාවට) පිටුපෑවෙහුය. එවිට නුඹලා ට අල්ලාහ් ගේ භාග්‍යය හා ඔහු ගේ කරුණාව නොවී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි.
وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ
සෙනසුරාදාවෙ හි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳ ව නුඹලා මැනවින් දැනගෙන සිටින්නෙහුය. එවිට අපි " නුඹලා අවමානයට ලක්වූවන් ලෙසින් වඳුරන් වනු" යැයි පැවසුවෙමු.
فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّقِينَ
මෙය‍ (එවකට) ඔවුන් අවට සිටියවුන් ට හා පසුව පැවත එන්නන් ට පාඩමක් වශයෙන් ද, බිය බැතිමතුන් ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُوا بَقَرَةً ۖ قَالُوا أَتَتَّخِذُنَا هُزُوًا ۖ قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ
නුඹලා එළදෙනකු කැපිය යුතු යැයි නිසකව ම අල්ලාහ් නුඹලා ට අණ කරන්නේ යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹ අප ව විහිළුව ට ගන්නෙහි ද යැයි ඔවුහු පැවසූහ. අඥානයින්ගෙන් කෙනෙකු වීමෙන් මම අල්ලාගෙන් රැකවරණය පතමි යැයි ඔහු (මූසා) කීය.

Choose other languages: