Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #66 Translated in Sinhalese

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නියත වශයෙන්ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්‍රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නේ ද නැත..
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
"නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස, අපි නුඹලා ට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු" යනුවෙන් අපි නුඹලා ට ඉහළින් තූර් කන්ද ඔසවා තබා, අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු.
ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ
අනතුරුව, ඉන් පසුවද නුඹලා (ප්‍රතිඥාවට) පිටුපෑවෙහුය. එවිට නුඹලා ට අල්ලාහ් ගේ භාග්‍යය හා ඔහු ගේ කරුණාව නොවී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි.
وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ
සෙනසුරාදාවෙ හි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳ ව නුඹලා මැනවින් දැනගෙන සිටින්නෙහුය. එවිට අපි " නුඹලා අවමානයට ලක්වූවන් ලෙසින් වඳුරන් වනු" යැයි පැවසුවෙමු.
فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّقِينَ
මෙය‍ (එවකට) ඔවුන් අවට සිටියවුන් ට හා පසුව පැවත එන්නන් ට පාඩමක් වශයෙන් ද, බිය බැතිමතුන් ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු.

Choose other languages: