Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #194 Translated in Sinhalese

فَلَمَّا آتَاهُمَا صَالِحًا جَعَلَا لَهُ شُرَكَاءَ فِيمَا آتَاهُمَا ۚ فَتَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ
ඔවුන් දෙදෙනාට (අඩුපාඩු වලින් තොර) යහපත් දරුවෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් (ගෙන් පැවත එන ස්ත්‍රී පුරුෂ පාර්ෂව) දෙදෙනාට ඔහු පිරිනැමූ විෂයෙහි ඔවුන් ඔහුට හවුල්කරුවන් පත් කළෝය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතරය.
أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْئًا وَهُمْ يُخْلَقُونَ
කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී.
وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًا وَلَا أَنْفُسَهُمْ يَنْصُرُونَ
තවද මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැක. එමෙන්ම ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක.
وَإِنْ تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ ۚ سَوَاءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنْتُمْ صَامِتُونَ
තවද නුඹලා ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කළ ද ඔවුහු නුඹලා ව අනුගමනය නොකරති. නුඹලා ඔවුන් ඇරයුම් කර සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය.
إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ ۖ فَادْعُوهُمْ فَلْيَسْتَجِيبُوا لَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන්ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා.

Choose other languages: