Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #195 Translated in Sinhalese

أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْئًا وَهُمْ يُخْلَقُونَ
කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී.
وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًا وَلَا أَنْفُسَهُمْ يَنْصُرُونَ
තවද මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැක. එමෙන්ම ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක.
وَإِنْ تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ ۚ سَوَاءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنْتُمْ صَامِتُونَ
තවද නුඹලා ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කළ ද ඔවුහු නුඹලා ව අනුගමනය නොකරති. නුඹලා ඔවුන් ඇරයුම් කර සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය.
إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ ۖ فَادْعُوهُمْ فَلْيَسْتَجِيبُوا لَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන්ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා.
أَلَهُمْ أَرْجُلٌ يَمْشُونَ بِهَا ۖ أَمْ لَهُمْ أَيْدٍ يَبْطِشُونَ بِهَا ۖ أَمْ لَهُمْ أَعْيُنٌ يُبْصِرُونَ بِهَا ۖ أَمْ لَهُمْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۗ قُلِ ادْعُوا شُرَكَاءَكُمْ ثُمَّ كِيدُونِ فَلَا تُنْظِرُونِ
ඔවුන් ගමන් කරන පාද ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් අල්ලන අත් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් බලන ඇස් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් සවන් දෙන කන් ඔවුනට තිබේ ද? නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවා පසුව මට නුඹලා කුමන්ත්‍රණය කරනු. නමුත් මට අවකාශය නොදෙනු යැයි (නබිවරය) නුඹ ඔවුනට පවසනු.

Choose other languages: