Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #193 Translated in Sinhalese

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا ۖ فَلَمَّا تَغَشَّاهَا حَمَلَتْ حَمْلًا خَفِيفًا فَمَرَّتْ بِهِ ۖ فَلَمَّا أَثْقَلَتْ دَعَوَا اللَّهَ رَبَّهُمَا لَئِنْ آتَيْتَنَا صَالِحًا لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
ඔහු වනාහි එක ආත්මයකින් නුඹලා ව මවා එහි සහකාරිය සමඟ එය වාසය කරනු පිණිස එයින් එය ඇති කළේය. ඔහු (ආදම්) ඇය (ඒවා) වෙළා ගත් කල්හි ඇය (දරුවෙකු පිළිසිඳ) සැහැල්ලු බරක් ඉසිලුවාය. පසුව ඇය ඒ සමඟ ගමන් ගත්තාය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ.
فَلَمَّا آتَاهُمَا صَالِحًا جَعَلَا لَهُ شُرَكَاءَ فِيمَا آتَاهُمَا ۚ فَتَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ
ඔවුන් දෙදෙනාට (අඩුපාඩු වලින් තොර) යහපත් දරුවෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් (ගෙන් පැවත එන ස්ත්‍රී පුරුෂ පාර්ෂව) දෙදෙනාට ඔහු පිරිනැමූ විෂයෙහි ඔවුන් ඔහුට හවුල්කරුවන් පත් කළෝය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතරය.
أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْئًا وَهُمْ يُخْلَقُونَ
කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී.
وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًا وَلَا أَنْفُسَهُمْ يَنْصُرُونَ
තවද මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැක. එමෙන්ම ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක.
وَإِنْ تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ ۚ سَوَاءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنْتُمْ صَامِتُونَ
තවද නුඹලා ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කළ ද ඔවුහු නුඹලා ව අනුගමනය නොකරති. නුඹලා ඔවුන් ඇරයුම් කර සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය.

Choose other languages: