Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #165 Translated in Sinhalese

وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ ۚ سَنَزِيدُ الْمُحْسِنِينَ
තවද නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති පරිදි ඉන් අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් (පාපයෙන් ගැලවීම ලබා දෙනු) යැයි පවසනු. තවද එහි දොරටුවෙන් සිරස නමමින් ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا مِنْهُمْ قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَظْلِمُونَ
ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්‍රකාශයක් වෙනස් කොට පැවසුවෝය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු.
وَاسْأَلْهُمْ عَنِ الْقَرْيَةِ الَّتِي كَانَتْ حَاضِرَةَ الْبَحْرِ إِذْ يَعْدُونَ فِي السَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُمْ بِمَا كَانُوا يَفْسُقُونَ
මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳ ව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුහු සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගියහ. මන්ද ඔවුන්ගේ සෙනසුරාදා දින මතස්‍යයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නොවන දිනයෙහි ඔවුන් වෙත එසේ නොපැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කරනුයේ එලෙසය
وَإِذْ قَالَتْ أُمَّةٌ مِنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ۙ اللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا ۖ قَالُوا مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ
තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතරින් වූ සමූහයක් විමසා සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත නිදහසට කරුණක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝය.
فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ أَنْجَيْنَا الَّذِينَ يَنْهَوْنَ عَنِ السُّوءِ وَأَخَذْنَا الَّذِينَ ظَلَمُوا بِعَذَابٍ بَئِيسٍ بِمَا كَانُوا يَفْسُقُونَ
කවර දෙයක් ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි නපුරෙන් වළක්වන්නන් (පමණක්) අපි මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.

Choose other languages: