Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #164 Translated in Sinhalese

وَقَطَّعْنَاهُمُ اثْنَتَيْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا ۚ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ إِذِ اسْتَسْقَاهُ قَوْمُهُ أَنِ اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ ۖ فَانْبَجَسَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْهِمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۚ وَمَا ظَلَمُونَا وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලීය. සෑම ජන කොට්ඨාසයක්ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද ඔවුහු අපට අපරාධ නොකළහ. එහෙත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියහ.
وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ ۚ سَنَزِيدُ الْمُحْسِنِينَ
තවද නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති පරිදි ඉන් අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් (පාපයෙන් ගැලවීම ලබා දෙනු) යැයි පවසනු. තවද එහි දොරටුවෙන් සිරස නමමින් ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا مِنْهُمْ قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَظْلِمُونَ
ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්‍රකාශයක් වෙනස් කොට පැවසුවෝය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු.
وَاسْأَلْهُمْ عَنِ الْقَرْيَةِ الَّتِي كَانَتْ حَاضِرَةَ الْبَحْرِ إِذْ يَعْدُونَ فِي السَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُمْ بِمَا كَانُوا يَفْسُقُونَ
මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳ ව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුහු සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගියහ. මන්ද ඔවුන්ගේ සෙනසුරාදා දින මතස්‍යයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නොවන දිනයෙහි ඔවුන් වෙත එසේ නොපැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කරනුයේ එලෙසය
وَإِذْ قَالَتْ أُمَّةٌ مِنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ۙ اللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا ۖ قَالُوا مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ
තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතරින් වූ සමූහයක් විමසා සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත නිදහසට කරුණක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝය.

Choose other languages: