Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #167 Translated in Sinhalese

وَاسْأَلْهُمْ عَنِ الْقَرْيَةِ الَّتِي كَانَتْ حَاضِرَةَ الْبَحْرِ إِذْ يَعْدُونَ فِي السَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُمْ بِمَا كَانُوا يَفْسُقُونَ
මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳ ව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුහු සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගියහ. මන්ද ඔවුන්ගේ සෙනසුරාදා දින මතස්‍යයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නොවන දිනයෙහි ඔවුන් වෙත එසේ නොපැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කරනුයේ එලෙසය
وَإِذْ قَالَتْ أُمَّةٌ مِنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ۙ اللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا ۖ قَالُوا مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ
තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතරින් වූ සමූහයක් විමසා සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත නිදහසට කරුණක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝය.
فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ أَنْجَيْنَا الَّذِينَ يَنْهَوْنَ عَنِ السُّوءِ وَأَخَذْنَا الَّذِينَ ظَلَمُوا بِعَذَابٍ بَئِيسٍ بِمَا كَانُوا يَفْسُقُونَ
කවර දෙයක් ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි නපුරෙන් වළක්වන්නන් (පමණක්) අපි මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
فَلَمَّا عَتَوْا عَنْ مَا نُهُوا عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ
එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා අවමානයට පත් වූවන් ලෙසින්, වඳුරන් මෙන් වනු යැයි අපි ඔවුනට පැවසුවෙමු.
وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ يَسُومُهُمْ سُوءَ الْعَذَابِ ۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ الْعِقَابِ ۖ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහි ව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. තවද නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.

Choose other languages: