Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #169 Translated in Sinhalese

فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ أَنْجَيْنَا الَّذِينَ يَنْهَوْنَ عَنِ السُّوءِ وَأَخَذْنَا الَّذِينَ ظَلَمُوا بِعَذَابٍ بَئِيسٍ بِمَا كَانُوا يَفْسُقُونَ
කවර දෙයක් ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි නපුරෙන් වළක්වන්නන් (පමණක්) අපි මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
فَلَمَّا عَتَوْا عَنْ مَا نُهُوا عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ
එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා අවමානයට පත් වූවන් ලෙසින්, වඳුරන් මෙන් වනු යැයි අපි ඔවුනට පැවසුවෙමු.
وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ يَسُومُهُمْ سُوءَ الْعَذَابِ ۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ الْعِقَابِ ۖ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහි ව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. තවද නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا ۖ مِنْهُمُ الصَّالِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَاهُمْ بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
තවද අපි මහපොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතරින් දැහැමියන් වෙති. තවද ඔවුන් අතරින් එසේ නොවන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ وَرِثُوا الْكِتَابَ يَأْخُذُونَ عَرَضَ هَٰذَا الْأَدْنَىٰ وَيَقُولُونَ سَيُغْفَرُ لَنَا وَإِنْ يَأْتِهِمْ عَرَضٌ مِثْلُهُ يَأْخُذُوهُ ۚ أَلَمْ يُؤْخَذْ عَلَيْهِمْ مِيثَاقُ الْكِتَابِ أَنْ لَا يَقُولُوا عَلَى اللَّهِ إِلَّا الْحَقَّ وَدَرَسُوا مَا فِيهِ ۗ وَالدَّارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ
ඔවුන්ගෙන් පසුව (ඔවුන් වෙනුවට) පරපුරක් පැමිණ එම දේව ග්‍රන්ථය උරුම කර ගත්තෝය. (ඒ වෙනුවට මෙලොවෙහි) පහත් භාණ්ඩය ඔවුහු ගනිති. තවද අපට සමාව දෙනු ලබනු ඇතැයි පවසති. තවද ඒ හා සමාන (තවත් පහත්) භාණ්ඩයක් ඔවුන් වෙත පැමිණෙන්නේ නම් එය ද ඔවුහු ගනිති. අල්ලාහ් වෙත සත්‍යය මිස වෙනත් කිසිවක් නොපැවසිය යුතු යැයි ද එහි ඇති දෑ ඔවුන් හැදෑරිය යුතු යැයි ද ඔවුන් වෙතින් දේව ග්‍රන්ථයේ ප්‍රතිඥාවක් ගනු නොලැබුවේ ද? දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්හට මතු ලොව නිවහන ශ්‍රේෂ්ඨය. (මෙය) නුඹලා වටහා ගත යුතු නොවේ ද?

Choose other languages: