Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #74 Translated in Sinhalese

ذَٰلِكَ الْفَضْلُ مِنَ اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ عَلِيمًا
මෙම භාග්‍යය අල්ලාහ් වෙතිනි. තවද අල්ලාහ් සර්වඥානී වශයෙන් ප්‍රමාණවත් විය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ أَوِ انْفِرُوا جَمِيعًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝම එකට හෝ පිටත් ව යනු.
وَإِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُمْ مُصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَيَّ إِذْ لَمْ أَكُنْ مَعَهُمْ شَهِيدًا
තවද සැබැවින්ම නුඹලා අතරින් (යුද්ධයට නොයා) පසුබට වන්නන් ද වෙති. එවිට (යුද්ධයේදී) නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට "මා ඔවුන් සමඟ සහාභාගී නොවීමෙන් අල්ලාහ් මට ආශිර්වාද කර ඇතැ" යි පවසයි.“
وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِنَ اللَّهِ لَيَقُولَنَّ كَأَنْ لَمْ تَكُنْ بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَنِي كُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا
අල්ලාහ්ගෙන් භාග්‍යයක් නුඹලාට හිමි වූයේ නම් "අහෝ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත්වූ ජයග්‍රහණයක් මම ද අත් කර ගන්නෙමි" යනුවෙන් නුඹලාටත් ඔහුටත් අතරේ කිසිදු සම්බන්ධයක් නොතිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ.
فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ ۚ وَمَنْ يُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා! කවරෙකු හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලබන්නේ නම් හෝ ජයග්‍රහණය කරන්නේ නම් හෝ මහත්වූ ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු.

Choose other languages: