Surah An-Nisa Ayahs #75 Translated in Sinhalese
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ أَوِ انْفِرُوا جَمِيعًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝම එකට හෝ පිටත් ව යනු.
وَإِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُمْ مُصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَيَّ إِذْ لَمْ أَكُنْ مَعَهُمْ شَهِيدًا
තවද සැබැවින්ම නුඹලා අතරින් (යුද්ධයට නොයා) පසුබට වන්නන් ද වෙති. එවිට (යුද්ධයේදී) නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට "මා ඔවුන් සමඟ සහාභාගී නොවීමෙන් අල්ලාහ් මට ආශිර්වාද කර ඇතැ" යි පවසයි.“
وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِنَ اللَّهِ لَيَقُولَنَّ كَأَنْ لَمْ تَكُنْ بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَنِي كُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا
අල්ලාහ්ගෙන් භාග්‍යයක් නුඹලාට හිමි වූයේ නම් "අහෝ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත්වූ ජයග්‍රහණයක් මම ද අත් කර ගන්නෙමි" යනුවෙන් නුඹලාටත් ඔහුටත් අතරේ කිසිදු සම්බන්ධයක් නොතිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ.
فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ ۚ وَمَنْ يُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා! කවරෙකු හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලබන්නේ නම් හෝ ජයග්‍රහණය කරන්නේ නම් හෝ මහත්වූ ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු.
وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ وَلِيًّا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ نَصِيرًا
“අපගේ පරමාධිපතියාණනි! අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් අපව පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!“ යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී, අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද සිටීමට නුඹලාට කුමක් වී ද?
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
