Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #76 Translated in Sinhalese

وَإِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُمْ مُصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَيَّ إِذْ لَمْ أَكُنْ مَعَهُمْ شَهِيدًا
තවද සැබැවින්ම නුඹලා අතරින් (යුද්ධයට නොයා) පසුබට වන්නන් ද වෙති. එවිට (යුද්ධයේදී) නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට "මා ඔවුන් සමඟ සහාභාගී නොවීමෙන් අල්ලාහ් මට ආශිර්වාද කර ඇතැ" යි පවසයි.“
وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِنَ اللَّهِ لَيَقُولَنَّ كَأَنْ لَمْ تَكُنْ بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَنِي كُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا
අල්ලාහ්ගෙන් භාග්‍යයක් නුඹලාට හිමි වූයේ නම් "අහෝ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත්වූ ජයග්‍රහණයක් මම ද අත් කර ගන්නෙමි" යනුවෙන් නුඹලාටත් ඔහුටත් අතරේ කිසිදු සම්බන්ධයක් නොතිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ.
فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ ۚ وَمَنْ يُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා! කවරෙකු හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලබන්නේ නම් හෝ ජයග්‍රහණය කරන්නේ නම් හෝ මහත්වූ ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු.
وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ وَلِيًّا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ نَصِيرًا
“අපගේ පරමාධිපතියාණනි! අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් අපව පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!“ යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී, අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද සිටීමට නුඹලාට කුමක් වී ද?
الَّذِينَ آمَنُوا يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ وَالَّذِينَ كَفَرُوا يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُوا أَوْلِيَاءَ الشَّيْطَانِ ۖ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا
විශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. එමෙන්ම ප්‍රතික්ෂේප කළවුන් නපුරු බලවේගයන්ගේ මාර්ගයේ සටන් වදිති. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමඟ නුඹලා සටන් වදිනු. සැබැවින්ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ දුර්වල විය.

Choose other languages: