Surah An-Nisa Ayahs #69 Translated in Sinhalese
فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا
එසේ නොව, නුඹගේ පරමාධිපති මත දිවුරමින්! ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී, ඔවුන් නුඹව විනිශ්චය කරුවෙකු ලෙස පිළිගෙන, පසුව නුඹ දුන් තීන්දුවේ කිසිදු වරදක් ඔවුන් තුළ නොදැක, ඔවුන් පූර්ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස නොකරනු ඇත.
وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُوا أَنْفُسَكُمْ أَوِ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا
“නුඹලා නුඹලාවම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස් වලින් බැහැර කරනු” යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නොකරනු ඇත. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත්වයක් වන්නට තිබිණ.
وَإِذًا لَآتَيْنَاهُمْ مِنْ لَدُنَّا أَجْرًا عَظِيمًا
එවිට අපගෙන් වූ මහත් ප්‍රතිඵල ඔවුනට අප පිරිනමන්නට තිබුණි.
وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا
කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේ ද ඔවුහුම ය අල්ලාහ්ගේ ආශිර්වාදට පාත‍්‍රවූවන් වන නබිවරුන්, සත්‍යවාදීන්, දිවිපිදූවන් හා දැහැමියන් ආදීන් සමග සිටින්නෝ. මිතුරකු වශයෙන් යහපත් වනුයේ ඔවුහුමය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
