Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #70 Translated in Sinhalese

وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُوا أَنْفُسَكُمْ أَوِ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا
“නුඹලා නුඹලාවම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස් වලින් බැහැර කරනු” යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නොකරනු ඇත. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත්වයක් වන්නට තිබිණ.
وَإِذًا لَآتَيْنَاهُمْ مِنْ لَدُنَّا أَجْرًا عَظِيمًا
එවිට අපගෙන් වූ මහත් ප්‍රතිඵල ඔවුනට අප පිරිනමන්නට තිබුණි.
وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا
තවද අපි ඔවුනට ඍජු මඟ පිරිනමන්නට තිබුණි.
وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا
කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේ ද ඔවුහුම ය අල්ලාහ්ගේ ආශිර්වාදට පාත‍්‍රවූවන් වන නබිවරුන්, සත්‍යවාදීන්, දිවිපිදූවන් හා දැහැමියන් ආදීන් සමග සිටින්නෝ. මිතුරකු වශයෙන් යහපත් වනුයේ ඔවුහුමය.
ذَٰلِكَ الْفَضْلُ مِنَ اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ عَلِيمًا
මෙම භාග්‍යය අල්ලාහ් වෙතිනි. තවද අල්ලාහ් සර්වඥානී වශයෙන් ප්‍රමාණවත් විය.

Choose other languages: