Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #72 Translated in Sinhalese

وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا
තවද අපි ඔවුනට ඍජු මඟ පිරිනමන්නට තිබුණි.
وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا
කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේ ද ඔවුහුම ය අල්ලාහ්ගේ ආශිර්වාදට පාත‍්‍රවූවන් වන නබිවරුන්, සත්‍යවාදීන්, දිවිපිදූවන් හා දැහැමියන් ආදීන් සමග සිටින්නෝ. මිතුරකු වශයෙන් යහපත් වනුයේ ඔවුහුමය.
ذَٰلِكَ الْفَضْلُ مِنَ اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ عَلِيمًا
මෙම භාග්‍යය අල්ලාහ් වෙතිනි. තවද අල්ලාහ් සර්වඥානී වශයෙන් ප්‍රමාණවත් විය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ أَوِ انْفِرُوا جَمِيعًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝම එකට හෝ පිටත් ව යනු.
وَإِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُمْ مُصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَيَّ إِذْ لَمْ أَكُنْ مَعَهُمْ شَهِيدًا
තවද සැබැවින්ම නුඹලා අතරින් (යුද්ධයට නොයා) පසුබට වන්නන් ද වෙති. එවිට (යුද්ධයේදී) නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට "මා ඔවුන් සමඟ සහාභාගී නොවීමෙන් අල්ලාහ් මට ආශිර්වාද කර ඇතැ" යි පවසයි.“

Choose other languages: