Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #87 Translated in Sinhalese

وَإِذَا سَمِعُوا مَا أُنْزِلَ إِلَى الرَّسُولِ تَرَىٰ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُوا مِنَ الْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ ඔවුන් සවන් දුන් විට, සත්‍යය ඔවුන් වටහා ගත් හේතුවෙන් කඳුළු හැළෙන ඔවුන්ගේ ඇස් නුඹ දකිනු ඇත. තවද අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එබැවින් අප ව සාක්ෂි කරුවන් සමඟ සටහන් කරනු මැනව!යි පවසති.
وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللَّهِ وَمَا جَاءَنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَنْ يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ
අල්ලාහ් ද සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ ද අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති, දැහැමි ජනයා අතරට අප ව ද ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු.
فَأَثَابَهُمُ اللَّهُ بِمَا قَالُوا جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
ඔවුහු පැවසූ දෑ හේතුවෙන් පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනැමීය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. එය දැහැමියන්ගේ ප්‍රතිඵලය වේ.
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය නිරයේ සගයෝ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحَرِّمُوا طَيِّبَاتِ مَا أَحَلَّ اللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوا ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට අල්ලාහ් අනුමත කළ දැයින් යහපත් දෑ නුඹලා තහනම් කර නොගනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. සැබැවින්ම සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව අල්ලාහ් ප්‍රිය නොකරයි.

Choose other languages: