Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #86 Translated in Sinhalese

لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَوَدَّةً لِلَّذِينَ آمَنُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ
(නබිවරය!) ජනයා අතරින් දේවත්වය විශ්වාසකළවුනට සතුරුකමින් වඩා දරුණු අය ලෙස නුඹ යුදෙව්වන් හා දේවත්වයට ආදේශ කළවුන් දකිනු ඇත. තවද මිතුරුකමින් විශ්වාස කළවුනට වඩාත් සමීපතයින් ලෙස සැබැවින්ම අපි කිතුනුවෝ වෙමු යැයි පැවසූ අය නුඹ දකිනු ඇත. හේතුව ඔවුන් අතර උගත් පඬිවරුන් ද ආගමික නායකයින් ද සිටින බැවිනි. එමෙන්ම ඔවුහු උඩගු නොවෙති.
وَإِذَا سَمِعُوا مَا أُنْزِلَ إِلَى الرَّسُولِ تَرَىٰ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُوا مِنَ الْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ ඔවුන් සවන් දුන් විට, සත්‍යය ඔවුන් වටහා ගත් හේතුවෙන් කඳුළු හැළෙන ඔවුන්ගේ ඇස් නුඹ දකිනු ඇත. තවද අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එබැවින් අප ව සාක්ෂි කරුවන් සමඟ සටහන් කරනු මැනව!යි පවසති.
وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللَّهِ وَمَا جَاءَنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَنْ يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ
අල්ලාහ් ද සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ ද අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති, දැහැමි ජනයා අතරට අප ව ද ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු.
فَأَثَابَهُمُ اللَّهُ بِمَا قَالُوا جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
ඔවුහු පැවසූ දෑ හේතුවෙන් පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනැමීය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. එය දැහැමියන්ගේ ප්‍රතිඵලය වේ.
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය නිරයේ සගයෝ.

Choose other languages: