Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #88 Translated in Sinhalese

وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللَّهِ وَمَا جَاءَنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَنْ يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ
අල්ලාහ් ද සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ ද අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති, දැහැමි ජනයා අතරට අප ව ද ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු.
فَأَثَابَهُمُ اللَّهُ بِمَا قَالُوا جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
ඔවුහු පැවසූ දෑ හේතුවෙන් පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනැමීය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. එය දැහැමියන්ගේ ප්‍රතිඵලය වේ.
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය නිරයේ සගයෝ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحَرِّمُوا طَيِّبَاتِ مَا أَحَلَّ اللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوا ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට අල්ලාහ් අනුමත කළ දැයින් යහපත් දෑ නුඹලා තහනම් කර නොගනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. සැබැවින්ම සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව අල්ලාහ් ප්‍රිය නොකරයි.
وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ
තවද අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත පිරිසිදු දෑ නුඹලා අනුභව කරනු. නුඹලා කවරෙකු විශ්වාස කරමින් සිටින්නේ ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.

Choose other languages: