Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #31 Translated in Sinhalese

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ
ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ පුවත ඔවුන් කෙරෙහි ඔබ කියවා පෙන්වනු. ඔවුන් දෙදෙනා භාරයක් පිළිගැන් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පිළි ගනු ලැබූ අතර අනෙක් අයගෙන් පිළි ගනු නොලැබීය. එවිට (පිළි ගනු නොලැබූ) ඔහු සැබැවින්ම මම ඔබ ව ඝාතනය කරමි යැයි පැවසීය. සැබැවින්ම අල්ලාහ් පිළිගනුයේ දේව බියබැතිමතුන්ගෙන් යැ යි (භාරය පිළිගනු ලැබූ අය වන ඔහු) පැවසීය.
لَئِنْ بَسَطْتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ
මා ඝාතනය කරනු වස් ඔබ ඔබේ අත මා වෙත දිගු කළ ද මා ඔබ ව ඝාතනය කරනු වස් මම මාගේ අත ඔබ වෙත දිගු කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ට බිය වෙමි.
إِنِّي أُرِيدُ أَنْ تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ ۚ وَذَٰلِكَ جَزَاءُ الظَّالِمِينَ
මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලාගෙන ඔබ නිරා ගින්නේ සගයින් අතරින් වනු ඇතැයි සැබැවින්ම මම අපේක්ෂා කරමි. එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි.
فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ
එවිට තම සහෝදරයා ව ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහු ව පොලඹවීය. පසුව ඔහු ඔහු ව ඝාතනය කළේය. එවිට ඔහු අලාභවන්තයින් අතරට පත් විය.
فَبَعَثَ اللَّهُ غُرَابًا يَبْحَثُ فِي الْأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَٰذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءَةَ أَخِي ۖ فَأَصْبَحَ مِنَ النَّادِمِينَ
පසුව තම සහෝදරයාගේ දේහය වසන්නේ කෙසේදැයි ඔහුට පෙන්වීමට අල්ලාහ් පොළොව හාරා පෙන්වන කපුටෙක් එවීය. අහෝ විනාශය! මා මෙම කපුටා මෙන් වන්නට වත් නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසන්නට තිබුණි යැයි ඔහු පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතරට පත් විය.

Choose other languages: