Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #34 Translated in Sinhalese

فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ
එවිට තම සහෝදරයා ව ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහු ව පොලඹවීය. පසුව ඔහු ඔහු ව ඝාතනය කළේය. එවිට ඔහු අලාභවන්තයින් අතරට පත් විය.
فَبَعَثَ اللَّهُ غُرَابًا يَبْحَثُ فِي الْأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَٰذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءَةَ أَخِي ۖ فَأَصْبَحَ مِنَ النَّادِمِينَ
පසුව තම සහෝදරයාගේ දේහය වසන්නේ කෙසේදැයි ඔහුට පෙන්වීමට අල්ලාහ් පොළොව හාරා පෙන්වන කපුටෙක් එවීය. අහෝ විනාශය! මා මෙම කපුටා මෙන් වන්නට වත් නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසන්නට තිබුණි යැයි ඔහු පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතරට පත් විය.
مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَٰلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ
ඒ හේතුවෙන් සැබැවින්ම ප්‍රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමානය.තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය යැයි ඉස්රාඊල්ගේ දරුවනට නියම කළෙමු. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින්ම ඔවුන් වෙත පැමිණියෝය. අනතුරු ව ඔවුන් අතුරින් බො‍හෝ දෙනා ඉන් පසුවද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ.
إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَنْ يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُمْ مِنْ خِلَافٍ أَوْ يُنْفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්‍රතිවිපාකය ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන් ව පිටුවහල් කරනු ලැබීමය. එය ඔවුනට මෙලොවෙහි වන අවමානයයි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
إِلَّا الَّذِينَ تَابُوا مِنْ قَبْلِ أَنْ تَقْدِرُوا عَلَيْهِمْ ۖ فَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
නමුත් නුඹලා ඔවුන් කෙරෙහි බලය යෙදවීමට පෙර පාපක්ෂමා ඉල්ලා සිටියවුන් හැර. එබැවින් සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්ත ය; යැයි නුඹලා දැන ගනු.

Choose other languages: