Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #37 Translated in Sinhalese

إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَنْ يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُمْ مِنْ خِلَافٍ أَوْ يُنْفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්‍රතිවිපාකය ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන් ව පිටුවහල් කරනු ලැබීමය. එය ඔවුනට මෙලොවෙහි වන අවමානයයි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
إِلَّا الَّذِينَ تَابُوا مِنْ قَبْلِ أَنْ تَقْدِرُوا عَلَيْهِمْ ۖ فَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
නමුත් නුඹලා ඔවුන් කෙරෙහි බලය යෙදවීමට පෙර පාපක්ෂමා ඉල්ලා සිටියවුන් හැර. එබැවින් සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්ත ය; යැයි නුඹලා දැන ගනු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහු වෙතට (සමීප වීමේ) මාධ්‍යයන් නුඹලා සොයනු. ඔහුගේ මාර්ගයේ නුඹලා අරගල කරනු. නුඹලාට ජය අත්පත් කර ගත හැකිය.
إِنَّ الَّذِينَ كَفَرُوا لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُوا بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින්ම ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට මහපොළොවේ ඇති සියල්ල තිබී ඒ සමඟම ඒ හා සමාන තවත් දෑ ද තිබී, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් මිදීමට එය ඔවුන් වන්දි වශයෙන් කැප කළ ද, ඔවුන්ගෙන් එය පිළි ගනු නොලැබේ. තවද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත.
يُرِيدُونَ أَنْ يَخْرُجُوا مِنَ النَّارِ وَمَا هُمْ بِخَارِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌ مُقِيمٌ
ඔවුහු (නිරා) ගින්නෙන් බැහැරවීමට අදහස් කරති. නමුත් ඔවුන් එයින් බැහැරවන්නන් නොවෙති. තවද ඔවුනට නිත්‍ය ක්‍රියාත්මක දඬුවමක් ඇත.

Choose other languages: