Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #40 Translated in Sinhalese

إِنَّ الَّذِينَ كَفَرُوا لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُوا بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින්ම ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට මහපොළොවේ ඇති සියල්ල තිබී ඒ සමඟම ඒ හා සමාන තවත් දෑ ද තිබී, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් මිදීමට එය ඔවුන් වන්දි වශයෙන් කැප කළ ද, ඔවුන්ගෙන් එය පිළි ගනු නොලැබේ. තවද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත.
يُرِيدُونَ أَنْ يَخْرُجُوا مِنَ النَّارِ وَمَا هُمْ بِخَارِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌ مُقِيمٌ
ඔවුහු (නිරා) ගින්නෙන් බැහැරවීමට අදහස් කරති. නමුත් ඔවුන් එයින් බැහැරවන්නන් නොවෙති. තවද ඔවුනට නිත්‍ය ක්‍රියාත්මක දඬුවමක් ඇත.
وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑ ට ප්‍රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙස නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. තවද අල්ලාහ් සර්ව බලධාරීය; සර්ව ප්‍රඥාවන්තය.
فَمَنْ تَابَ مِنْ بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
නමුත් තම අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප වී (තමාව) නිවැරදි කර ගනීද, සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත සමාව පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَغْفِرُ لِمَنْ يَشَاءُ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින්ම අල්ලාහ් සතු බව නුඹ නොදන්නෙහි ද? ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

Choose other languages: