Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #30 Translated in Sinhalese

قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ ۛ أَرْبَعِينَ سَنَةً ۛ يَتِيهُونَ فِي الْأَرْضِ ۚ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ
සැබැවින්ම එය වසර හතළිහක් ඔවුන් කෙරෙහි වළක්වනු ලැබීය. මිහිතලයේ ඔවුන් ඔබමොබ සැරිසරනු ඇත. එහෙයින් පාපතර පිරිස පිළිබඳව ඔබ දුක් නොවනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ
ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ පුවත ඔවුන් කෙරෙහි ඔබ කියවා පෙන්වනු. ඔවුන් දෙදෙනා භාරයක් පිළිගැන් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පිළි ගනු ලැබූ අතර අනෙක් අයගෙන් පිළි ගනු නොලැබීය. එවිට (පිළි ගනු නොලැබූ) ඔහු සැබැවින්ම මම ඔබ ව ඝාතනය කරමි යැයි පැවසීය. සැබැවින්ම අල්ලාහ් පිළිගනුයේ දේව බියබැතිමතුන්ගෙන් යැ යි (භාරය පිළිගනු ලැබූ අය වන ඔහු) පැවසීය.
لَئِنْ بَسَطْتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ
මා ඝාතනය කරනු වස් ඔබ ඔබේ අත මා වෙත දිගු කළ ද මා ඔබ ව ඝාතනය කරනු වස් මම මාගේ අත ඔබ වෙත දිගු කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ට බිය වෙමි.
إِنِّي أُرِيدُ أَنْ تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ ۚ وَذَٰلِكَ جَزَاءُ الظَّالِمِينَ
මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලාගෙන ඔබ නිරා ගින්නේ සගයින් අතරින් වනු ඇතැයි සැබැවින්ම මම අපේක්ෂා කරමි. එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි.
فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ
එවිට තම සහෝදරයා ව ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහු ව පොලඹවීය. පසුව ඔහු ඔහු ව ඝාතනය කළේය. එවිට ඔහු අලාභවන්තයින් අතරට පත් විය.

Choose other languages: