Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #51 Translated in Sinhalese

نَحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰ إِذْ يَقُولُ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا
ඔවුන් නුඹ වෙත සවන් දෙන අවස්ථාවේ ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සවන් දෙන්නේ ද ඒ පිළිබඳ ව මැනවින් දන්නේ අපමය. අපරාධකරුවෝ ‘නුඹලා හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස අනුගමනය නොකරන්නෙහුය’ යැයි පවසමින් ඔවුහු රහසින් කතා කළ අවස්ථාවද (මැනවින් දන්නේ අපමය.)
انْظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا
ඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පෑවේ කෙසේ දැයි නුඹ අවධානයෙන් බලනු. එවිට ඔවුහු නොමග ගියෝය. එහෙයින් කිසිදු මගක් (සොයා ගැනීමට) ඔවුහු හැකියාව නොලබති.
وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا
තවද නියත වශයෙන්ම අපි අස්ථි හා දූවිලි බවට පත් වූ විට නව මැවීමක් ලෙස නැවත නැගිටුවනු ලබන්නන් වෙමු දැයි ඔවුහු විමසුවෝය.
قُلْ كُونُوا حِجَارَةً أَوْ حَدِيدًا
නුඹලා ගලක් හෝ යකඩයක් හෝ වනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
أَوْ خَلْقًا مِمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ ۚ فَسَيَقُولُونَ مَنْ يُعِيدُنَا ۖ قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ ۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ ۖ قُلْ عَسَىٰ أَنْ يَكُونَ قَرِيبًا
නැතහොත් නුඹගේ සිත් තුළ විශාල ලෙස මවා ගන්නා දැයින් වූ මැවීමක් හෝ වනු. එවිට අපව නැවත ගෙන එනුයේ කවුරුන්දැයි ඔවුහු විමසනු ඇත. නුඹලා ව මුල් වරට මැවූ අය වේ යැයි නුඹ පවසනු. එවිට නුඹ වෙත ඔවුන්ගේ හිස් සොලවා එය කවදා දැයි විමසා සිටිති. එය සමීපයෙන් විය හැකැයි නුඹ පවසනු.

Choose other languages: