Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #240 Translated in Sinhalese

لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً ۚ وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُحْسِنِينَ
නුඹලා ඔවුන් ව ස්පර්ශ නොකර තිබිය දී හෝ ඔවුනට (මහර්) නියමයක් නියම නොකර තිබිය දී හෝ කාන්තාවන් ව නුඹලා දික්කසාද කළෙහු නම් නුඹලා කෙරෙහි වරදක් නැත. තවද ධනවතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද දුප්පතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද (නඩත්තු මුදල් ලබා දී) ඔවුනට භුක්ති විඳීමට සලස්වනු. එය දැහැමියන් කෙරෙහි වූ යුතුකමකි.
وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ ۚ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
ඔවුනට (මහරයෙන්) නියමයක් නුඹලා නියම කර තිබිය දී ඔවුන් ව නුඹලා ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් ව දික්කසාද කළේ නම් එවිට නුඹලා නියම කරන දැයින් අඩක් (ඔවුන් විසින් දිය යුතු)ය. නමුත් ඔවුන් එය අත හැර දැමුවේ නම් හෝ විවාහ ගිවිසුම කවර අයගේ දෑතෙහි ඇත්තේ ද ඔහු එය අත හැර දැමුවේ නම් හෝ මිස. නමුත් නුඹලා එය අත හැර දැමීම බැතිමත්භාවයට ඉතා සමීප ය. නුඹලා අතර පවතින මහිමය අමතක නොකරනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَانِتِينَ
සලාතයන් හා මධ්‍යකාල සලාතය මත සුරක්ෂිත ව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු.
فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا ۖ فَإِذَا أَمِنْتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ
නුඹලා බිය වෙතොත් පා ගමනින් හෝ වාහනික ව හෝ (සලාතය ඉටු) කළ යුතුය. පසුව නුඹලා සුරක්ෂිත වූයෙහු නම් නුඹලා නොදැන සිටි දෑ නුඹලාට අල්ලාහ් ඉගැන් වූවාක් මෙන් ඔහු ව නුඹලා මෙනෙහි කරනු.
وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ ۚ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් තම බිරියන්ට වසරක් දක්වා (නිවසින්) ඔවුන් පිටුවහල් කිරීමකින් තොරව (ආහාර ඇඳුම් යනාදිය) භුක්ති විඳීමට හැකි වන පරිදි අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. නමුත් ඔවුන් බැහැර ව ගොස් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් යහපත් අන්දමින් යමක් සිදු කර ගත්තේ නම් ඒ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. තවද අල්ලාහ් සර්ව බලධාරීය; අභිඥානවන්ත ය.

Choose other languages: