Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #239 Translated in Sinhalese

وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُمْ بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنْتُمْ فِي أَنْفُسِكُمْ ۚ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَٰكِنْ لَا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّا أَنْ تَقُولُوا قَوْلًا مَعْرُوفًا ۚ وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّىٰ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنْفُسِكُمْ فَاحْذَرُوهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
එම කාන්තාවට යම් (විවාහ) යෝජනාවක් නුඹලා ඉදිරිපත් කළ ද නුඹලාගේ හදවත් තුළ නුඹලා (ඔවුන් ගැන අදහසක්) සඟවා ගත්ත ද නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් ගැන මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. නමුත් ඔවුන් සමඟ නුඹලා යහ වචනයෙන් කතා කරනවා මිස රහසිගත ව ඔවුනට ප්‍රතිඥාවක් නොදෙනු. එහි නියමිත කාලය නිම වන තෙක් නුඹලා විවාහ ගිවිසුම ස්ථීර නොකරනු. තවද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ සිත් තුළ ඇති දෑ දන්නේය. එබැවින් නුඹලා ඔහු ගැන ප්‍රවේසම් වෙනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා සෙනෙහෙවන්ත බව නුඹලා දැන ගනු.
لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً ۚ وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُحْسِنِينَ
නුඹලා ඔවුන් ව ස්පර්ශ නොකර තිබිය දී හෝ ඔවුනට (මහර්) නියමයක් නියම නොකර තිබිය දී හෝ කාන්තාවන් ව නුඹලා දික්කසාද කළෙහු නම් නුඹලා කෙරෙහි වරදක් නැත. තවද ධනවතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද දුප්පතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද (නඩත්තු මුදල් ලබා දී) ඔවුනට භුක්ති විඳීමට සලස්වනු. එය දැහැමියන් කෙරෙහි වූ යුතුකමකි.
وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ ۚ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
ඔවුනට (මහරයෙන්) නියමයක් නුඹලා නියම කර තිබිය දී ඔවුන් ව නුඹලා ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් ව දික්කසාද කළේ නම් එවිට නුඹලා නියම කරන දැයින් අඩක් (ඔවුන් විසින් දිය යුතු)ය. නමුත් ඔවුන් එය අත හැර දැමුවේ නම් හෝ විවාහ ගිවිසුම කවර අයගේ දෑතෙහි ඇත්තේ ද ඔහු එය අත හැර දැමුවේ නම් හෝ මිස. නමුත් නුඹලා එය අත හැර දැමීම බැතිමත්භාවයට ඉතා සමීප ය. නුඹලා අතර පවතින මහිමය අමතක නොකරනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَانِتِينَ
සලාතයන් හා මධ්‍යකාල සලාතය මත සුරක්ෂිත ව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු.
فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا ۖ فَإِذَا أَمِنْتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ
නුඹලා බිය වෙතොත් පා ගමනින් හෝ වාහනික ව හෝ (සලාතය ඉටු) කළ යුතුය. පසුව නුඹලා සුරක්ෂිත වූයෙහු නම් නුඹලා නොදැන සිටි දෑ නුඹලාට අල්ලාහ් ඉගැන් වූවාක් මෙන් ඔහු ව නුඹලා මෙනෙහි කරනු.

Choose other languages: