Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #241 Translated in Sinhalese

وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ ۚ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
ඔවුනට (මහරයෙන්) නියමයක් නුඹලා නියම කර තිබිය දී ඔවුන් ව නුඹලා ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් ව දික්කසාද කළේ නම් එවිට නුඹලා නියම කරන දැයින් අඩක් (ඔවුන් විසින් දිය යුතු)ය. නමුත් ඔවුන් එය අත හැර දැමුවේ නම් හෝ විවාහ ගිවිසුම කවර අයගේ දෑතෙහි ඇත්තේ ද ඔහු එය අත හැර දැමුවේ නම් හෝ මිස. නමුත් නුඹලා එය අත හැර දැමීම බැතිමත්භාවයට ඉතා සමීප ය. නුඹලා අතර පවතින මහිමය අමතක නොකරනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَانِتِينَ
සලාතයන් හා මධ්‍යකාල සලාතය මත සුරක්ෂිත ව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු.
فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا ۖ فَإِذَا أَمِنْتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ
නුඹලා බිය වෙතොත් පා ගමනින් හෝ වාහනික ව හෝ (සලාතය ඉටු) කළ යුතුය. පසුව නුඹලා සුරක්ෂිත වූයෙහු නම් නුඹලා නොදැන සිටි දෑ නුඹලාට අල්ලාහ් ඉගැන් වූවාක් මෙන් ඔහු ව නුඹලා මෙනෙහි කරනු.
وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ ۚ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් තම බිරියන්ට වසරක් දක්වා (නිවසින්) ඔවුන් පිටුවහල් කිරීමකින් තොරව (ආහාර ඇඳුම් යනාදිය) භුක්ති විඳීමට හැකි වන පරිදි අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. නමුත් ඔවුන් බැහැර ව ගොස් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් යහපත් අන්දමින් යමක් සිදු කර ගත්තේ නම් ඒ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. තවද අල්ලාහ් සර්ව බලධාරීය; අභිඥානවන්ත ය.
وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُتَّقِينَ
දික්කසාද කරනු ලැබූ කාන්තාවන්ට (දික්කසාද කළ අය විසින්) නඩත්තු වියදම් ලබා දිය යුතු වේ. එය බැතිමතුන් කෙරෙහි වූ වගකීමකි.

Choose other languages: