Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #244 Translated in Sinhalese

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ ۚ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් තම බිරියන්ට වසරක් දක්වා (නිවසින්) ඔවුන් පිටුවහල් කිරීමකින් තොරව (ආහාර ඇඳුම් යනාදිය) භුක්ති විඳීමට හැකි වන පරිදි අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. නමුත් ඔවුන් බැහැර ව ගොස් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් යහපත් අන්දමින් යමක් සිදු කර ගත්තේ නම් ඒ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. තවද අල්ලාහ් සර්ව බලධාරීය; අභිඥානවන්ත ය.
وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُتَّقِينَ
දික්කසාද කරනු ලැබූ කාන්තාවන්ට (දික්කසාද කළ අය විසින්) නඩත්තු වියදම් ලබා දිය යුතු වේ. එය බැතිමතුන් කෙරෙහි වූ වගකීමකි.
كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
නුඹලාට වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙස ය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
ඔවුන් දහස් ගණනින් සිටිය දී මරණයට බියෙන් තම නිවෙස් වලින් බැහැර ව ගියවුන් දෙස නුඹ නොබැලුවෙහි ද? එවිට නුඹලා මිය යනු යැයි අල්ලාහ් ඔවුනට පැවසුවේය. පසු ව ඔහු ඔවුනට යළි ජීවය දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍ය සම්පන්නයා ය. නමුත් ජනයාගෙන් බහුතරය කෘතවේදී නොවෙති.
وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් වදිනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක, සර්ව ඥානී බව නුඹලා දැන ගනු.

Choose other languages: