Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #19 Translated in Sinhalese

اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
අල්ලාහ් ඔවුන් ව අපහාසයට ලක් කරනු ඇත. තවද ඔවුන් ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඉඩ හරිනු ඇත.
أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ
ඔවුහු ම ය යහ මඟ වෙනුව ට මුළා ව මිල ට ගත්තෝ වන්නේ. එබැවින් ඔවුන් ගේ ව්‍යාපාරය ලාබදායී නොවී ය. තව ද ඔවුහු යහ මඟ ගිය අය නොවූහ.
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ
ඔවුනට උපමාව වන්නේ (අඳුර මකා ලීමට ) ගිනි ඇවිළ වූ කෙනෙකුගේ උපමාවක් මෙනි . එය ඒ අවට ඇති දෑ ආලෝකමත් කළ විට විට අල්ලාහ් ඔවුන් ගේ එළිය ඉවත් කළේය. තවද ඔවුනට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය.
صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ
බිහිරි ය, ගොළු ය, අන්ධ ය. එබැවින් ඔවුහු (යහමඟ ට) නොහැරෙනු ඇත.
أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ
නැතහොත් අහසින් (වැටෙන) වර්ෂාවක් මෙනි. එහි අන්ධ කාරයන් ද අකුණු ද අකුණු එළිය ද ඇත. ගිගුරුම් හඬ හේතුවෙන් මර බියෙන් ඔවුන්ගේ ඇඟිලි ඔවුන්ගේ කන් තුළ ඔබා ගනිති. තවද දේව ප්‍රතික්ෂේපකයින් පිළිබඳ ව අල්ලාහ් සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.

Choose other languages: