Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #20 Translated in Sinhalese

أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ
ඔවුහු ම ය යහ මඟ වෙනුව ට මුළා ව මිල ට ගත්තෝ වන්නේ. එබැවින් ඔවුන් ගේ ව්‍යාපාරය ලාබදායී නොවී ය. තව ද ඔවුහු යහ මඟ ගිය අය නොවූහ.
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ
ඔවුනට උපමාව වන්නේ (අඳුර මකා ලීමට ) ගිනි ඇවිළ වූ කෙනෙකුගේ උපමාවක් මෙනි . එය ඒ අවට ඇති දෑ ආලෝකමත් කළ විට විට අල්ලාහ් ඔවුන් ගේ එළිය ඉවත් කළේය. තවද ඔවුනට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය.
صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ
බිහිරි ය, ගොළු ය, අන්ධ ය. එබැවින් ඔවුහු (යහමඟ ට) නොහැරෙනු ඇත.
أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ
නැතහොත් අහසින් (වැටෙන) වර්ෂාවක් මෙනි. එහි අන්ධ කාරයන් ද අකුණු ද අකුණු එළිය ද ඇත. ගිගුරුම් හඬ හේතුවෙන් මර බියෙන් ඔවුන්ගේ ඇඟිලි ඔවුන්ගේ කන් තුළ ඔබා ගනිති. තවද දේව ප්‍රතික්ෂේපකයින් පිළිබඳ ව අල්ලාහ් සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.
يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ ۖ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අකුණු එළිය ඔවුන් ගේ බැල්ම පැහැර ගනන්නට යයි. එය ආලෝකවත් කළ සෑම විටක ම ඔවුහු ඒ මත ඇවිදින්නෝය. එය ඔවුන් මත අඳුරු කළ විට ඔවුහු සිට ගත්හ. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන්ගේ ශ්‍රවණය ද ඔවුන්ගේ බැල්ම ද ඉවත් කරන්න ට තිබුණි. සැබැවින් ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහි ම අති බලවත්ය.

Choose other languages: