Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #18 Translated in Sinhalese

وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ
තවද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. නමුත් ඔවුහු ඔවුන්ගේ ෂෙයිතානුන් (ප්‍රධානීන්) සමඟ තනි වූ විට "සැබැවින් ම අපි නුඹලා සමඟ ය, නිසකව ම අපි (විශ්වාස කළවුන් සමඟ) සමච්චල් කරන්නෝ වෙමු" යැයි පැවසුවෝය.
اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
අල්ලාහ් ඔවුන් ව අපහාසයට ලක් කරනු ඇත. තවද ඔවුන් ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඉඩ හරිනු ඇත.
أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ
ඔවුහු ම ය යහ මඟ වෙනුව ට මුළා ව මිල ට ගත්තෝ වන්නේ. එබැවින් ඔවුන් ගේ ව්‍යාපාරය ලාබදායී නොවී ය. තව ද ඔවුහු යහ මඟ ගිය අය නොවූහ.
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ
ඔවුනට උපමාව වන්නේ (අඳුර මකා ලීමට ) ගිනි ඇවිළ වූ කෙනෙකුගේ උපමාවක් මෙනි . එය ඒ අවට ඇති දෑ ආලෝකමත් කළ විට විට අල්ලාහ් ඔවුන් ගේ එළිය ඉවත් කළේය. තවද ඔවුනට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය.
صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ
බිහිරි ය, ගොළු ය, අන්ධ ය. එබැවින් ඔවුහු (යහමඟ ට) නොහැරෙනු ඇත.

Choose other languages: