Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #148 Translated in Sinhalese

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ ۗ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ
නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන දිශාව දෙස සැබැවින් ම අපි නුඹ ව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. තවද නියත වශයෙන් ම දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනු ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ ۚ وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ ۚ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ ۙ إِنَّكَ إِذًا لَمِنَ الظَّالِمِينَ
තවද දේව ග්‍රන්ථය දෙනු ලැබූවනට නුඹ සෑම සාධකයක්ම ගෙන හැරපෑව ද ඔවුහු නුඹගේ දිශාව අනුගමනය නොකළෝය. එසේම නුඹ ද ඔවුන්ගේ කිබ්ලා ව අනුගමනය කරන්නෙකු නොවේ. තවද ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ දිශාව අනුගමනය කරන්නන් නොවෙති. තවද නුඹට ඥානය පැමිණි පසුව නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් අනුගමනය කළෙහි නම් එවිට නියත වශයෙන්ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ ۖ وَإِنَّ فَرِيقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ
දේව ග්‍රන්ථය අප ඔවුනට පිරිනැමූ අය වනාහි, ඔවුන් තම දරුවන් හඳුනනවාක් මෙන් එය මැනවින් හඳුනති. තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් තමන් දැන දැන ම සත්‍යය වසන් කරනු ඇත.
الْحَقُّ مِنْ رَبِّكَ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ
සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.
وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
තවද සෑම කෙනෙකුට ම ඔහු ඒ වෙත හැරෙන දිශාවක් ඇත. එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා කොතැනක සිටිය ද අල්ලාහ් නුඹලා සියල්ල ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

Choose other languages: