Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #147 Translated in Sinhalese

وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا ۗ وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَىٰ عَقِبَيْهِ ۚ وَإِنْ كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذِينَ هَدَى اللَّهُ ۗ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ ۚ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ
නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත්, ධර්ම දූතයාණන් නුඹලාට සාක්ෂිකරුවෙකු වනු පිණිසත්, අප නුඹලා ව මධ්‍යස්ථ (ජන) සමූහයක් ලෙස පත් කළේ එලෙස ය. තම විලුඹ දෙක මත හැරී යන්නන් අතුරින් ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නන් කවරෙකු දැ යි අපි දැන ගනු පිණිස මිස ඔබ කවර දෙයක් මත (දැන්) සිටින්නේ ද එවන් දිශාව අපි පත් නොකළෙමු. එය අල්ලාහ් මඟ පෙන් වූ අය කෙරෙහි හැර (අන් අයට) භාරදූර දෙයක් විය. නුඹලාගේ විශ්වාසය නිශ්ඵල කිරීමට අල්ලාහ්ට (අවශ්‍ය) නොවීය. සැබැවින් ම අල්ලාහ් සකල ජනයාටම සෙනෙහෙවන්තය අසමසම කරුණාවන්තය.
قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ ۗ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ
නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන දිශාව දෙස සැබැවින් ම අපි නුඹ ව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. තවද නියත වශයෙන් ම දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනු ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ ۚ وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ ۚ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ ۙ إِنَّكَ إِذًا لَمِنَ الظَّالِمِينَ
තවද දේව ග්‍රන්ථය දෙනු ලැබූවනට නුඹ සෑම සාධකයක්ම ගෙන හැරපෑව ද ඔවුහු නුඹගේ දිශාව අනුගමනය නොකළෝය. එසේම නුඹ ද ඔවුන්ගේ කිබ්ලා ව අනුගමනය කරන්නෙකු නොවේ. තවද ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ දිශාව අනුගමනය කරන්නන් නොවෙති. තවද නුඹට ඥානය පැමිණි පසුව නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් අනුගමනය කළෙහි නම් එවිට නියත වශයෙන්ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ ۖ وَإِنَّ فَرِيقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ
දේව ග්‍රන්ථය අප ඔවුනට පිරිනැමූ අය වනාහි, ඔවුන් තම දරුවන් හඳුනනවාක් මෙන් එය මැනවින් හඳුනති. තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් තමන් දැන දැන ම සත්‍යය වසන් කරනු ඇත.
الْحَقُّ مِنْ رَبِّكَ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ
සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.

Choose other languages: