Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #154 Translated in Sinhalese

وَلَمَّا رَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِي مِنْ بَعْدِي ۖ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ ۖ وَأَلْقَى الْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُ إِلَيْهِ ۚ قَالَ ابْنَ أُمَّ إِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِي وَكَادُوا يَقْتُلُونَنِي فَلَا تُشْمِتْ بِيَ الْأَعْدَاءَ وَلَا تَجْعَلْنِي مَعَ الْقَوْمِ الظَّالِمِينَ
තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසු ව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට (කලින්) නුඹලා ඉක්මන් වූයේ දැයි? ඔහු ඇසීය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පලක බිම හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා, තමන් වෙතට ඇද්දේය. ‘මාගේ මවගේ පුතණුවනි! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නොකරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නොකරනු. යැයි ඔහු (හාරූන්) කීය.
قَالَ رَبِّ اغْفِرْ لِي وَلِأَخِي وَأَدْخِلْنَا فِي رَحْمَتِكَ ۖ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ සහෝරදයාට සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අපව ද ඇතුළත් කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින් අතරින් මහා කාරුණිකය.
إِنَّ الَّذِينَ اتَّخَذُوا الْعِجْلَ سَيَنَالُهُمْ غَضَبٌ مِنْ رَبِّهِمْ وَذِلَّةٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُفْتَرِينَ
නියත වශයෙන්ම වසු පැටවා (නැමදුමට) ගත් අය වන මොවුනට මෙලොව ජීවිතයේ දී මොවුන්ගේ පරාමාධිපතිගෙන් වූ කෝපය ද අවමානය ද හිමි වනු ඇත. තවද බොරු ගොතන්නන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
وَالَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ ثُمَّ تَابُوا مِنْ بَعْدِهَا وَآمَنُوا إِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُورٌ رَحِيمٌ
තවද කවරෙකු නපුරුකම් කොට ඉන් පසුව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඉන් පසු පවා අතික්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
وَلَمَّا سَكَتَ عَنْ مُوسَى الْغَضَبُ أَخَذَ الْأَلْوَاحَ ۖ وَفِي نُسْخَتِهَا هُدًى وَرَحْمَةٌ لِلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ
මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පලක ඔහු ගත්තේය. එම පිටපත්හි, තම පරමාධිපතිට බියවන ඔවුන්හට යහමඟ ද දයාව ද විය.

Choose other languages: