Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #155 Translated in Sinhalese

قَالَ رَبِّ اغْفِرْ لِي وَلِأَخِي وَأَدْخِلْنَا فِي رَحْمَتِكَ ۖ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ සහෝරදයාට සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අපව ද ඇතුළත් කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින් අතරින් මහා කාරුණිකය.
إِنَّ الَّذِينَ اتَّخَذُوا الْعِجْلَ سَيَنَالُهُمْ غَضَبٌ مِنْ رَبِّهِمْ وَذِلَّةٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُفْتَرِينَ
නියත වශයෙන්ම වසු පැටවා (නැමදුමට) ගත් අය වන මොවුනට මෙලොව ජීවිතයේ දී මොවුන්ගේ පරාමාධිපතිගෙන් වූ කෝපය ද අවමානය ද හිමි වනු ඇත. තවද බොරු ගොතන්නන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
وَالَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ ثُمَّ تَابُوا مِنْ بَعْدِهَا وَآمَنُوا إِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُورٌ رَحِيمٌ
තවද කවරෙකු නපුරුකම් කොට ඉන් පසුව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඉන් පසු පවා අතික්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
وَلَمَّا سَكَتَ عَنْ مُوسَى الْغَضَبُ أَخَذَ الْأَلْوَاحَ ۖ وَفِي نُسْخَتِهَا هُدًى وَرَحْمَةٌ لِلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ
මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පලක ඔහු ගත්තේය. එම පිටපත්හි, තම පරමාධිපතිට බියවන ඔවුන්හට යහමඟ ද දයාව ද විය.
وَاخْتَارَ مُوسَىٰ قَوْمَهُ سَبْعِينَ رَجُلًا لِمِيقَاتِنَا ۖ فَلَمَّا أَخَذَتْهُمُ الرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُمْ مِنْ قَبْلُ وَإِيَّايَ ۖ أَتُهْلِكُنَا بِمَا فَعَلَ السُّفَهَاءُ مِنَّا ۖ إِنْ هِيَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَنْ تَشَاءُ وَتَهْدِي مَنْ تَشَاءُ ۖ أَنْتَ وَلِيُّنَا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۖ وَأَنْتَ خَيْرُ الْغَافِرِينَ
නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ අභිමත කළේ නම් මීට පෙරම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස වෙනකක් නොවේ. එමගින් ඔබ අභිමත කරන අය මුළාවන්නට ඉඩ හරින්නෙහිය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහිය. ඔබ අපගේ භාරකරුය. එබැවින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය’ යැයි ඔහු(මූසා) පැවසුවේය.

Choose other languages: