Surah Al-Araf Ayahs #158 Translated in Sinhalese
وَلَمَّا سَكَتَ عَنْ مُوسَى الْغَضَبُ أَخَذَ الْأَلْوَاحَ ۖ وَفِي نُسْخَتِهَا هُدًى وَرَحْمَةٌ لِلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ
මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පලක ඔහු ගත්තේය. එම පිටපත්හි, තම පරමාධිපතිට බියවන ඔවුන්හට යහමඟ ද දයාව ද විය.
وَاخْتَارَ مُوسَىٰ قَوْمَهُ سَبْعِينَ رَجُلًا لِمِيقَاتِنَا ۖ فَلَمَّا أَخَذَتْهُمُ الرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُمْ مِنْ قَبْلُ وَإِيَّايَ ۖ أَتُهْلِكُنَا بِمَا فَعَلَ السُّفَهَاءُ مِنَّا ۖ إِنْ هِيَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَنْ تَشَاءُ وَتَهْدِي مَنْ تَشَاءُ ۖ أَنْتَ وَلِيُّنَا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۖ وَأَنْتَ خَيْرُ الْغَافِرِينَ
නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ අභිමත කළේ නම් මීට පෙරම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස වෙනකක් නොවේ. එමගින් ඔබ අභිමත කරන අය මුළාවන්නට ඉඩ හරින්නෙහිය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහිය. ඔබ අපගේ භාරකරුය. එබැවින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය’ යැයි ඔහු(මූසා) පැවසුවේය.
وَاكْتُبْ لَنَا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ إِنَّا هُدْنَا إِلَيْكَ ۚ قَالَ عَذَابِي أُصِيبُ بِهِ مَنْ أَشَاءُ ۖ وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ ۚ فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ الزَّكَاةَ وَالَّذِينَ هُمْ بِآيَاتِنَا يُؤْمِنُونَ
තවද මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද අපහට යහපත නියම කරනු මැනව! නියත වශයෙන්ම අපි ඔබ වෙත හැරුණෙමු. ‘මාගේ දඬුවම වනාහි, මා අභිමත කරන අය එමගින් මම හසු කරමි. තවද මාගේ දයාව සියළු දෑහි ව්‍යාප්ත ව ඇත. එබැවින් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන සකාත් පිරිනමන අය හා අපගේ වදන් විශ්වාස කරන අයට එය මම මතු සටහන් කරමි යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنْكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلَالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ ۚ فَالَّذِينَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِي أُنْزِلَ مَعَهُ ۙ أُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, කිළිටි දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහුව විශ්වාස කොට; ඔහුට ගරු කොට; ඔහුට උදව් කර; ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්‍රාහකයෝ.
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ النَّبِيِّ الْأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللَّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ
අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු යැයි (නබිවරය) නුඹ පවසනු.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
